දේශීයප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් 8.45 ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ම්ලේඡ්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසරක් සපිරෙයි.

පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වාගනිමින් දිවි අහිමිවූ සහ විපතට පත්වූ අය සිහිකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලූමදෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

මෙවැනි ව්‍යසනයක් යළිත් රට තුළ ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් පෙරවරු 8.47 ට පහනක් දල්වන ලෙසටද කාදිනල් හිමිපාණන් සියලූ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ උදෑසන 8.40 ට සියලූ කිතුණු දේවස්ථානවල සීනු නාද කරන ලෙසටද, හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු සෙසු ආගමික ස්ථානවලද එය ක්‍රියාත්මක කරන ලෙසටයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වසරක් සපිරන අද දිනයේදී ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කිරිම සදහා සෑම නිවසකම පහණක් දල්වන ලෙස කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියල්ලන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම ෂැංග්‍රිලා, සිනමන්ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල් ඉලක්ක කරගෙන පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 259 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

එමෙන්ම තවත් පුද්ගලයන් 350 කට අධික පිරිසක් තුවාල ලැබුවේ ඇතැම් පිරිස් සදාකාලික ආබාධ තත්වයන්ට පත් කරමින්.

Related posts

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ කිහිප දෙනෙකුටම කොවිඩ් බව හඳුනාගැනේ

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment