දේශීය

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 ක මුදලක්

(UTV | කොවිඩ් 19) –  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් අද (21) දිනයේ පරිත්‍යාග කිරීම සිදුවිය.

කොළඹ 07, විජේරාම නිල නිවසේ දී සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලයන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.

Related posts

ඩෙංගු පිළිබඳ අවධානයට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

Mohamed Dilsad

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

Leave a Comment