ව්‍යාපාරික

කොරෝනා වසංගතයට එරෙහිව හේලීස් සමාගම පෙරමුණ ගනී [PHOTOS]

(UTV | කොවිඩ් 19) –  COVID -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය නිළධාරීන් විසින් සකස් කරන ලද විධිමත් නීති රීති මාලාවක් සමඟ කටයුතු කරමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් අංශය වගා ක්ෂේත‍්‍රය, කර්මාන්තශාලා සහ වතු පරිශ‍්‍රයන් තුළ අනුගමනය කළ යුතු දැඩි සෞඛ්‍ය හා ආරක්ෂණ රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන අතරතුර සමාගමේ, සියලුම සේවකයින්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා පියවර කිහිපයක් ආරම්භ කර ඇත.

ඒ අනුව, සමාගම 140,000 ක් වන සිය සමස්ත වතු ශ‍්‍රම බලකා ප‍්‍රජාවට සහ ඔවුන්ගේ පවුල්වලට, වතු සේවක නිවාස සමුපකාර සමිති හරහා වියළි සලාක සහ ආහාර මලු ලබා දුන් අතර ඒවා දැනට පවතින ඇඳිරි නීතිය පවතින කාලය තුළ ප‍්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ඍජුවම වතුයායට ම ලබා දෙන ලදී.

මීට අමතරව, ප‍්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHIs), පොලිස් නිලධාරීන්ගේ සහ ප‍්‍රාදේශීය රජයේ නිලධාරීන්ගේ සහාය ඇතිව වතු පරිශ‍්‍ර හා කාර්ය මණ්ඩල නිවාස පිරිසිදු කර, මෝටර් සහිත ඉසින යන්ත‍්‍ර (motorise spraying machines) භාවිතා කර විසබීජහරණය කිරීමට පියවර ගත්තේය.

‘‘අපගේ සෑම සේවකයකුගේම සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය හා ආරක්ෂාව අපගේ ඉහළම ප‍්‍රමුඛතාවයි. COVID-19 ට එරෙහිව අපගේ කම්කරුවන් හා වතු ප‍්‍රජාව ආරක්ෂා කරන අතරම කර්මාන්තයේ තීරණාත්මක මෙහෙයුම් සියල්ලම පවත්වාගෙන යෑමට අපි කටයුතු කරමින් සිටිමු. විශේෂයෙන්ම ජාතික හා ගෝලීය ආර්ථිකය මින් පෙර කිසිදා අත්නොවිඳි හැරවුම් ලක්ෂයක සිටින මොහොතක, ආර්ථික ක‍්‍රියාකාරකම්වල පසුබෑම අවම කිරීම සඳහා අප මුහුණ දෙන සීමාවන් තුළ අපට හැකි සෑම දෙයක්ම අප එකිනෙකා කළ යුතු වේ. කෙසේ වෙතත්, තත්වය වර්ධනය වන ආකාරය අපි සුපරික්ෂාකාරීව අධීක්ෂණය කරන අතර, අපගේ සේවකයින් ආරක්ෂිතද, සෞඛ්‍යසම්පන්න ද හා සෑමවිටම ප‍්‍රමාණවත් ද්‍රව්‍ය සපයා ඇති ද යන බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ක‍්‍රියාමාර්ග ගනු ඇත. මේ මොහොතේදී අපගේ අවධානය යොමු වී ඇත්තේ 22,000 ඉක්ම වූ අපගේ ශ‍්‍රම බලකායට පමණක් නොව 140,000කට අධික අපගේ වතු ප‍්‍රජාවේ යහපැවැත්ම කෙරෙහිය,’’ යනුවෙන් හේලීස් ප්ලාන්ටේෂන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂක, ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

සියලුම සේවකයින් දෑත් පිරිසිදුකාරක දියර හා මුඛ ආවරණවලින් සමන්විත වන අතර සමහර වතු තමන්ගේ ආරක්ෂිත ආම්පන්න නිපදවීමට තරම් උත්සුක වී ඇත. සෞඛ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දෛනික දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වනු ලැබේ.

තවද ආරක්ෂිත උපදෙස් සහිත පෝස්ටර් හා උපදේශක දැන්වීම් කාර්ය මණ්ඩලය වෙත බෙදා හැර ඇති අතර, භාෂා තුනෙන්ම වතුකරයේ සියලූම ප‍්‍රධාන ස්ථානවල ඒවා ප‍්‍රදර්ශනය කර ඇත.

වැවිලි කර්මාන්ත මානව සංවර්ධන භාරය (PHDT) සහ Save the Children සමඟ එක්ව හේලීස් ප්ලාන්ටේෂන්ස් කටයුතු කරන අතර, ප‍්‍රජාව තුළ සියලූම දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවා සුරැුකුම් ළඳරු නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට  විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඊට සමගාමීව, වතු අතර සන්නිවේදනය පහසු කිරීම සහ ඒකාබද්ධ කළමනාකරණ කණ්ඩායම් විසින් ගනු ලබන උපායමාර්ග හා තීරණ ජනතාවට දැනුම් දීම සඳහා සියලූම කළමනාකරණ කණ්ඩායම් ටැබ්ලට්, ජංගම දුරකතන හා dashboard පද්ධතීන්වලින් සමන්විත වෙයි.

1878 දී චාස් පී. හේලී විසින් ආනයන හා අපනයන පිළිබඳ අවධානය යොමු කරමින් ගාල්ලේ වෙළෙඳ ආයතනයක් ලෙස පිහිටුවන ලද හේලීස් සමූහය අංශ 16ක් පුරාවට ව්‍යාපාරික අවශ්‍යතා ආවරණය කරමින් ගෝලීයව නිෂ්පාදන හා අලෙවිකරණ කාර්යාල කලාප 5ක් පුරා පවත්වාගෙන යමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වී ඇත. අද එය ශ්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධ සාර්ථක කථාවක් ලෙස කැපී පෙනෙන අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉක්මවන සහ රටේ මුළු අපනයන ඉපැයීම්වලින්  3.3 % කට හිමිකම් කියන පළමු ලැයිස්තුගත ශ්‍රී ලාංකික ආයතනය ද වේ.

 

 

 

 

 

 

Related posts

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

විදේශ සංචිතය ප්‍රකෘතිමත් මට්ටමකට

Mohamed Dilsad

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Mohamed Dilsad

Leave a Comment