දේශීය

විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය අගයයි

(UTV| කොවිඩ් 19) – සමස්ත ලෝකයම දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වී ඇති මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකාවද ඉදිරියේ දී මුහුණපෑමට යන ආර්ථික පසුබෑම ඉතා භයානක අවධියකට යාමට ඉඩ තිබීම වළක්වාලීමට නම්, විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෞරවයෙන් ප්‍රකාශ කර සිටියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

අදාළ නිවේදනය පහතින්,

” මේ දක්වා විගමනික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නංවන්නට ලබාදුන් මහඟු දායකත්වය ඉතා අගයකොට සළකන අතර ඉදිරි වසර දෙක තුන ඇතුළත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් දේශයේ ආර්ථික හා සමාජ සංවර්ධනයටඅත්‍යාවශ්‍ය වන බව සඳහන් කරමු. ඒ අනුව සෞඛ්‍ය සේවය, ළමයින්ගේ අධ්‍යාපනය, කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර සහනාධාරය,පොදු ප්‍රවාහන සේවාව,ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීම වැනි මෙකී නොකී කුදුමහත් දැවැන්ත සංවර්ධන කටයුතු ඉදිරියට අඛණ්ඩව කරගෙන යාමටවිශාල මුදලක් වැයකිරීමට සිදුවේ.

මෙම කර්තව්‍යයට සෘජුවම දායක වන විදේශ ගත ශ්‍රමිකයින්වන ඔබ,දුක්මහන්සියෙන් උපයන විදේශ විනිමය මහත්සේ බලපානු ඇත. මෙම ජාතික මෙහෙවරට විගමනික ශ්‍රමිකයින් වශයෙන් ඔබ ලබාදෙන දායකත්වය ඉදිරියේ දී අනිවාර්යයෙන්ම දේශයේ ඇගයීමට ලක්වීම නොඅනුමානය.

මෙම ජාතික මෙහෙවර මේ පිළිබඳව තවදුරටත් විදේශගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් හා පවුලේ සාමාජිකයින් විසින්,විදේශ රැකියාවේ නිරතව සිටින තම ඥාතියා දිරිගැන්වීමට මේ අවස්ථාවේදී සිදුකරන මෙහෙයද අප අගයකොට සළකමු. අපි සියලු දෙනා එක්ව, අපේ රට ගොඩනගමු.” යනුවෙන් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

Related posts

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් හා සමාජ ශාලා වැසේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

Mohamed Dilsad

Leave a Comment