දේශීය

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

(UTV | කොවිඩ් 19) – කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සඳහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුව ඇති හෙයින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල කළුතර මහ රෝහල සායන රෝගීන් සඳහා දුරකථනයෙන් රෝහල අමතා සායනය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ පහසුකම සලසා ඇති බව කළුතර මහ රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඒන්.කේ.සී ගුණරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව පහත සදහන් ඒක් ඒක් සායනය සදහා ඇති දුරකථන අංක වලට ඇමතීමෙන් පැමිණිමේ දිනයක් හා වේලාවක් ලබාගත හැකියාව පවතියි.

කායික සහ ශල්‍ය වෛද්‍ය සායනය – 0762531778

විකලාංග සායනය – 0762531776

ස්නායු සායනය – 0762537602

ළමා රෝග සායනය-බාහිර රෝගී අංශය – 0762532214

පිළිකා සායනය-වකුගඩු සායනය – 0762532214

රක්තවාත සායනය-මෞත්‍ර ලිංගික සායනය – 0762537346

අක්ෂි සායනය – 0762370209

දියවැඩියා සහ අන්තරාසර්ග සායනය – 0762363785

Clinic Triage – 0762531914

Related posts

19 ලක්ෂයකට එන්නත් දී අවසන්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තාව ලැබුණ විදිය ගැන උදය ගම්මන්පිළ කියයි.

Editor O

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

Mohamed Dilsad

Leave a Comment