දේශීය

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

(UTV | කෝවිඩ්-19) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසන ආකාරයට ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යෙදවීම පිළිබඳ අවධානය යොමුව ඇත.

රජය විසින් ඊයේ (25) දිනයේදී ගනු ලැබූ තීරණයට අනුව පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන ගමන් කිරීමට දින ලබාදී තිබේ.

එය මේ සඳහා පහසුවක් වනු ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් කොවිඩ් 19 වෛරස රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමට පොදු ප්‍රවාහන අංශය විසින්ද සමාජ දුරස්ථ භාවය පවත්වාගත යුතුයි.

ඒ අනුව බස් රථයක ගමන් කළ හැකි මගී සංඛ්‍යාව එහි රැගෙන යා හැකි සංඛ්‍යාවෙන් සියයට 50කට අඩු ප්‍රමාණයකි.

දැනට ලංගම සතුව බස් රථ 5,700ක් පමණ සහ පෞද්ගලික අංශය සතුව බස් රථ 23,000ක් පවතින අතර ලංගම බස් රථ සියල්ලම යෙදුවද කොරෝනා වෛරස් වසංගතයට පෙර පැවති තත්ත්වයට මගී ප්‍රවාහනය සැළසීමට හැකිවන්නේ නොහැක.

ඒ තත්ත්වය යටතේ ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යොදවනු ලබන්නේ සෞඛ්‍ය, ආරක්ෂක මෙන්ම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතු අත්‍යාවශ්‍යම පිරිස පමණක් බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

උණ රෝගයක් හේතුවෙන් ශ්‍රීපාද විද්‍යා පීඨය තාවකාලිකව වසයි

Mohamed Dilsad

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

කොරෝනා ආසාධිතයන් 106 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment