දේශීය

ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි ,සෙසු නිලයින්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර ඇත.   

දැනට නිවාඩු මත සිටින නීලධාරි,සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු වෙයි.

මෙලෙස නිවාඩු මත සිටින නිලධාරි ,සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළයුතු බවත් දැනුම් දෙයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ  නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දිනයේ ගනු ලැබූ බවයි.

Related posts

විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ලේ ආරක්ෂාව සඳහා ⁣ඉදිකර තිබූ හමුදා මුරපොළකට පස්කන්දක් කඩා වැටේ

Editor O

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

Mohamed Dilsad

Leave a Comment