දේශීය

නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට කැඳවීමක්

(UTV | කොළඹ ) – අද (27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම කර තිබේ.

ඔවුන්ට අදාළ කඳවුරු වෙත පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එසේ ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආසන්නතම කඳවුරු වෙත වාර්තා කරන ලෙසයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මේ අතර නිවාඩු ගිය සියලුම නාවික හමුදා සාමාජිකයින් වහාම තම ආසන්නතම කදවුරු වෙත වාර්තා කරන ලෙස නාවික හමුදාව ද ඊයේ (26) නිවේදනය කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් ඊට අදාළව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන්ව ඇත්තේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ලබා දී ඇති සියලු නිවාඩු අවලංගු කිරීමේ තීරණය ඊයේ (26) ගනු ලැබූ බවයි.

Related posts

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව යළිත් විවෘත කිරීමට අනුමැතිය

Mohamed Dilsad

සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

Mohamed Dilsad

Leave a Comment