විදෙස්

ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිත පිරිස මිලියනය අභිබවා යයි

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට ලක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට දස ලක්ෂය ඉක්මවා තිබේ.

ඇමරිකාවෙන් කොරෝනා මරණ 56,677 ක් ද වාර්තා වී තිබේ.

ඉතාලියෙන් කොරෝනා මරණ 26,977ක් ද, ස්පාඤ්ඤයෙන් මරණ 23,521 ක් ද වාර්තා වන අතර, ප්‍රංශයේ කොරෝනා මරණ ද ඊයේ දිනයේ 23,000 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද මේ වන විට 21,000 ඉක්මවා අවසන්.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තිස් ලක්ෂ 60,000 ඉක්මවා ඇති අතර, මරණ දෙලක්ෂ 11,000ක් ද වාර්තා විය.

Related posts

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතයට තහංචිද?

Mohamed Dilsad

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment