දේශීය

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

(UTV | කෝවිඩ්-19) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන්හමුදා කදවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් ස්ථාපිත කර තිබේ.

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පැවරේ.

ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත් බැවින් ආසාධිතයන් සමග සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතු බව මෙම සාකච්ඡාවේදි අවධාරණය කර ඇත.

තවද රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතු අතර ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීමට දිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලුර කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයිද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දි ඇති අතර රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Related posts

තවත් පෙට්‍රල් නැවක් එයි

Mohamed Dilsad

හෙද සංගමයට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment