දේශීය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

(UTV |කොවිඩ් 19 ) –  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේදී තීරණය කර ඇත.

මෙහිදී ඇදිරිනීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවල රෝහල්වලට පැමිණෙන රෝගීන් හට සළසන සුව සේවා සත්කාරක සේවාවන්, නිසි අයුරින් සැළසීමටත්, පවතින අවධානම හමුවේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍යවරුන් ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සීමා කොට එම සීමා කරන ලද කාර්ය මණ්ඩලය තුලින් උපරිම සුව සේවා සත්කාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන් විශේෂ අවධානය යොමුකර තිබේ.

එම සුව සේවා සත්කාර සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇගලුම් හා අනෙකුත් උපකරණ ලබාදීම පිළිබදව ද විශේෂ වශයෙන් එහිදී සාකච්ඡා කර ඇත.

කොවිඩ්- 19 මර්දන වැඩපිළිවෙලේ දී ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට අවශ්‍ය අමතර වාහන කඩිනමින් ලබාදීමටත්, දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය තවත් ඉහළ නැංවීමටත්, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇත.

කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැදවා සාකච්ජා කොට අවශ්‍ය උපදෙස් ලබාදීමටද එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද මෙහිදී සාකච්චා කර තිබේ.

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද දිනයේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණවලට එළඹ ඇත.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

Mohamed Dilsad

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

Leave a Comment