දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ මහ නගර සභා සීමාවේ රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව පවසයි.

බණ්ඩාරණායක මාවත, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්ව ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේය.

මේ අතර අදාල නිලධාරීන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සදහන් කළේය.

Related posts

පාසල් වාර විභාග ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

IMF වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

Mohamed Dilsad

Leave a Comment