දේශීයප්‍රමුඛ පුවත 1

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා 2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද සහභාගිවීමට නියමිතව තිබේ.

ඔවුන් විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද හෙට (04) පැවැත්වීමට නියමිත එම රැස්වීමට විපක්ෂය නියෝජනය කරන පාර්ශව කිහිපයක් සහභාගී නොවීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ තවත් කණ්ඩායම් කිහිපයක් සහභාගිවීමටයි තීරණය කර ඇත.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වන අතර, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි නොවන බවට වාර්තා වේ.

Related posts

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්

Editor O

Leave a Comment