දේශීය

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

(UTV| දඹුල්ල) –  දඹුල්ල බස් නැවතුම්පොලේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය ආධුනික යුද හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සඳහන්කර සිටියේය.

ආධුනික සෙබලාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණි.

මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස් වල පරීක්ෂණ වාර්තාව අද පස්වරු 5.45 ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

ඒ අනුව මියගිය හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පස්වරුවේ කඩිනමින් සිදු කර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබලාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක් ද තිබුණු බවයි. ඒ අනුව ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය පවසයි.

Related posts

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

Mohamed Dilsad

සති 02 ක් රජයේ – පාසල් වැඩ යළි Online වෙයි ද

Mohamed Dilsad

වෘත්තිය සමිති 40ක නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment