දේශීයප්‍රමුඛ පුවත 1

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

(UTV | කෝවිඩ්-19) – කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11වන සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමසුමට ලක් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ ඇතුළු රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව සඳහන් කර ඇත.

ඊයේ (05) පස්වරුවේ පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කර තිබේ.

තවද ජනාධිපතිවරයා විසින් ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දි ඇති බව සදහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මෙහිදි අවධාරණය කළ බවයි.

තවද ජාතික හැදුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් පිළිබදව ද එහිදි අවධානය යොමුව තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බළධාරින් වෙත මෙහිදි උපදෙස් ලබා දි ඇති බව සඳහන් වේ.

Related posts

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

Mohamed Dilsad

වතු සේවක දෛනික රුපියල් 1,700 ලෙස ප්‍රකාශයට පත්කර ගැසට් නිවේදනයක්

Editor O

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment