දේශීය

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැණි බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැදවිය යුතු බවද පෙත්සමේ සඳහන් වේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් නම් කර තිබේ.

Related posts

කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

IMF සම්බන්ධයෙන් එජාප’ය පැහැදිලි කිරීමක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment