දේශීය

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

(UTV | කෝවිඩ් -19) – ඉවතලන මුහුණු ආවරණ ඉදිරියේ දී විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්වීමේ ඉඩකඩක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

කොරෝනා වසංගතය හමුවේ දැනට බහුලව භාවිත කරන මුහුණු ආවරණ එක්වරක් පමණක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් මෙම ගැටළුව වඩාත් බරපතල වන බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි.

ඔහු අවධාරණය කළේ මේ වනවිටත් ඉවතලන මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් පරිසරයේ තැන තැන දමා තිබෙනු දැකිය හැකි අතර සාමාන්‍ය කසල සමග එක්වීමට නොදී මෙම මුහුණු ආවරණ ඉවත් කිරීමේ ක්‍රමයක් තිබිය යුතු බවයි.

නිවාස මට්ටමින් භාවිත කර ඉවතලන මුහුණු ආවරණ පිළිස්සීම හෝ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ඉවතලීම සිදුකළ යුතු බවත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදාල අංශ කටයුතු කළ යුතු බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

කොවිඩ් මරණ ගැන අසත්‍ය පැතිරූ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment