දේශීය

බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍ය ධූරයට රනිල් ජයවර්ධන පත්වෙයි

(UTV | බ්‍රිතාන්‍යය) – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් පත් කර ඇත.

ඔහු නව තනතුරට පත් කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි.

2015 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හැම්ප්ෂයර් කොට්ඨාශය නියෝජනය කරමින් ඔහු කොන්සර්වටිව් සභිකයෙකු ලෙස එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර , 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇයගේ වෙළඳ කටයුතු නියෝජිතයා ලෙසද රනිල් ජයවර්ධන මහතා පත් කරනු ලැබීය.

 

Related posts

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ වාට්ටුව යළි විවෘත කෙරේ

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව යළිත් විවෘත කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment