දේශීය

ධිවර සහ ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසයෙත් දීමනා

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වු සියලූම ගොවි හා විශ්‍රාම වැටුප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට නියමිතයි.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් ලාභීන්ට සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ටත් මෙවරත් මැයි මාසය සඳහා මෙම දීමනාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියම කර තිබේ.

මේ බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම දීමනාව තමන්ට නියමිත තැපැල් කාර්යාල මඟින් මැයි මස 11, 12 , 13, 14 හා 15 යන දිනයන් හිදී ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සැළසුම් කර තිබේ.

කිසියම් හෝ හදිසි තත්ත්වයක් මත තම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවහොත් අදාළ දිනයන් හිදී විශ්‍රාම වැටුප් ගිණුම් පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව වැඩිදුරටත් සඳහන්.

Related posts

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

හිටපු මුදල් ඇමතිගේ විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

ලැප්ටොප් පරිගණකයක සිදු වූ විදුලි කාන්දුවකින් සිසුවෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment