විදෙස්

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි හි බන්ධනාගාරයක රැඳවියන් 77 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 26 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ හේතුවෙන් බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇති අතර එහි අනෙකුත් සේවකයින්ට ද බන්ධනාගාරයෙන් පිටතට යාම තහනම් කර තිබේ.

ආසාදනයට ලක්වූ බන්ධනාගාර රැඳවියන් සහ සේවකයින් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

Related posts

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම්

Mohamed Dilsad

ඉතාලියේ වෛද්‍යවරු 94 ක් කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment