දේශීය

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

(UTV | කෝවිඩ් -19) – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසන ආකාරයට ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර තිබේ.

එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇඳිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සුදානම් කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

Related posts

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් 2000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment