දේශීය

නිරෝධායනය අවසන් කළ 118 ක් පිටව යයි

(UTV | කොවිඩ් 19 ) –  සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 ක් එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇත.

සාම්පූර්නි රෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 98 දෙනා කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගං වීදිය යන ප්‍රදේශයන්හි පුද්ගලයින් වන අතර, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 20 දෙනා ජා-ඇල ප්‍රදේශයෙහි පුද්ගලයින් වේ.

තවද, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් නිරෝධායනය කිරීමේදී ඔවුන් සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වූ නාවික හමුදාව ඔවුන් නිරෝධායනයට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා වූ කටයුතු රාශියක් සිදු කරන ලදි.

එහි ඉදිරි පියවරක් ලෙස සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (National Dangerous Drugs Control Board) යටතේ පවත්වාගෙන යනු ලබන නිට්ටඹුව, ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි සියළුම පුද්ගලයින් මේ වන විට නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇත.

තවද, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන්  ඊයේ පිටත්ව යන පිරිසද ඇතුළුව පුද්ගලයින් 49ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එහි පුද්ගලයින් 19 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

රෝසි CIDයට

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මස

Editor O

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment