දේශීය

මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි පළමු පෙත්සම අද කැඳවයි

(UTV | කොළඹ ) – අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල පළමූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) කැඳවීමට නියමිතයි.

එස් තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු අය එම විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

නීතීඥ චරිත ගුණරත්න විසින් මෙම පෙත්සම ගොණු කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 12 කි.

Related posts

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

Mohamed Dilsad

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

Leave a Comment