දේශීය

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය පවසන ආකාරයට පාසල් නැවත ආරම්භ කිරීමේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් අද (11) දිනයේ උපදෙස් මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, සියලූම විදුහල්පතිවරුන්ට සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරන බවට එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කර තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඒ ඒ පාසල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කර ගන්නා ලෙස එමඟින් දැනුම් දෙනු ඇත.

යළි පාසල් ආරම්භ කරන විට සිසුන්ගේ දෙමාපියන් පළමු සතියේ පාසලට කැඳවා සැලැස්මක් සකස්කර ගත යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

එය සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ද අද නිකුත් කරන චක්‍ර ලේඛයෙන් උපදෙස් ලබා දීමට නියමිතව ඇත.

විෂබිජහරණය, සිසුන්ට ජලය ලබා ගැනීමට නළ මාර්ග, පන්ති කාමරයේ සිටිය යුතු සිසුන් සංඛ්‍යාව වැනි කරුණු අද නිකුත් කරන උපදෙස් මාලාව ඇතුළත් චක්‍ර ලේඛයේ සඳහන් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජෙහාන් අප්පුහාමිට ඇප

Mohamed Dilsad

අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම ගැන ජනපති කියයි

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment