දේශීය

විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම අත්වැරදීමක්

(UTV | කොළඹ) – ඇතැම් පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ එම තත්ත්වය වහාම නිවැරැදි කරමින් නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති අතර එය විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවට අනාවරණය විය.

කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී  තිබේ.

Related posts

එක ශිෂ්‍යයෙකුට ලක්ෂ හැටක වියදමක් , බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති රනිල්

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

සමනළ රක්ෂිතයේ ගින්නක්

Editor O

Leave a Comment