දේශීය

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු අද නැවතත් මෙරටට පැමිණියහ.  

ඒ , එම පුහුණු පාඨමාලාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීමෙන්.

මෙලෙස ගාල්ල වරාය වෙත ගෙන එන ලද පිරිස සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර බලා දින 14 ක නිරෝධායන ක්‍රියාවලිකයකට යොමු කිරීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: outdoor

Image may contain: one or more people, sky and outdoor

Image may contain: sky, ocean, outdoor, water and nature

Related posts

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

Mohamed Dilsad

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

Leave a Comment