(UTV| තංගල්ල) – සතුන් දඩයම් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
මෙම සැකකරුවන් විසින් සතුන් දඩයම් කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් ඔස්සේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දියත්කර ඇත.