විදෙස්

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

(UTV| කොවිඩ් 19) –  කොවිඩ් 19 ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉතාලි රජය විසින් වසා දැමූ බීමහල් , අවන්හල් , කොණ්ඩා සකසන ස්ථාන ,  බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.

ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.

කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද  ,ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.

අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.

Related posts

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

Mohamed Dilsad

Leave a Comment