දේශීය

අමාත්‍ය මහින්ද අමරවීරගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

(UTV | කොළඹ) – පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙසයි.

මෙම පහරදීම තරයේ හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයෙකුට සිය රාජකාරි අවස්ථාවේ පහරදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන සියලූ නිකුත් කළ රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැළසීම රජයේ වගකීමක් බව එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්.

Related posts

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

ගාල්ල ධීවර වරායත් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment