දේශීය

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

(UTV | හොරණ) – හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයෙහි සිටි පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ පිරිස බීමත්ව සිටි බවද අනාවරණය වී ඇත.

ආරවුල දුරදිගයාමත් සමග එක් පුද්ගලයෙකු යකඩ මිටියකින් කළ පහරදීමෙන් දෙදෙනෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා තිබේ. සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

දැරියට වධ දුන් පියා රිමාන්ඩ්

Mohamed Dilsad

පරණ මිලටම ඉන්ධන බෙදූ පිරවුම්හල

Mohamed Dilsad

Leave a Comment