දේශීය

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

(UTV | කොළඹ) – ජාතික රණවිරු අනුස්මරණයට සමගාමීව යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 14,617 කගේ නිල උසස් කිරීම සිදු කිරීම සිදුකෙරෙනු ඇත.

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිවරයා‍‍ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී අනිද්දා දිනයේ (19) මෙය පැවැත්වීමට නියමිතය.

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්ෂාන කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදු කිරීමට කටයුතු කරනු ඇත.

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය මැයි 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබා දී ඇත.

2019 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසුනිලයින් 7210 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබීය.

Related posts

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment