දේශීය

ලංකා ඛනිජ තෙල්වල මිල වැඩිවීමක් නොවන බව ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ඊයේ මැදියම් රැයේ සිට ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමූව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඉන්දීය ඔයිල් සමාගම විසින් පෙට්‍රල් මිල වැඩි කිරීමට ගත් තීරණය එම සමාගම විසින් ගන්නා ලද තීරණයක් වන අතර, ඊට රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව අමාත්‍යවරයා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවන කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment