දේශීයප්‍රමුඛ පුවත 1

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අද (19) පැවැත්විමට නියමිතව තිබේ.

බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර ඇති සැමරුම උත්සවය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැවැත්විමට සැලසුම් කර තිබේ.

2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේදී උත්තරීතර කැප කිරිම් සිදු කළ යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කිරිමට නියමිතයි.

මෙම සැමරුම් උත්සවය සදහා රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගීවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

Mohamed Dilsad

ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි [PHOTOS]

Mohamed Dilsad

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment