දේශීය

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 12දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා පුද්ගලයින් ගණන 221 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් හත් දෙනෙකු නාවික මහ රෝහලෙහිද,  සිව් දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

Related posts

සිරිල් ගාමිණි පියතුමන් සඳුදා CID යට

Mohamed Dilsad

SJB මෙවර මැයි දිනය මහනුවරදී

Mohamed Dilsad

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment