දේශීය

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

වත්මන් තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දෙයි.

ඒ මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

Related posts

කොට්ටහච්චිගේ වරප්‍රසාද කඩවෙලා

Editor O

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

රනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වය

Editor O

Leave a Comment