දේශීය

ඇඳිරි නීතිය කඩ කර පිරිස 61,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මාර්තු මස 20 වන දින සිට අද (21) පෙරවරු 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,093 ක් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17,172 කි.

මේ අතර ඊයේ (20) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248 ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ 17,949 ක් මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

එයින් නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කිරීම් 6706 ක් ද සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

ඡන්ද පෙට්ටි, ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඇරඹේ

Editor O

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවයි

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment