දේශීය

කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

(UTV | කොළඹ ) – අද (21) සිට කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම යළි ආරම්භ කෙරේ.

කොරෝනා වසංගතයත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ එක් අදියරක් යටතේ මෙම පියවර ගැනෙනු ඇත.

ඛාණ්ඩ 8 ක් යටතේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරෙන බව කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මෙන්ම ඊට සම්බන්ධ මාර්ගවල ක්‍රියාත්මක වන බව ද කොළඹ මහ නගර සභාව පවසයි.

Related posts

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

අද විදුලි කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment