දේශීය

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – වයඹ පළාතේ ලියාපදිංචි කර දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය මාර්තු මස 13 වනදා සිට ජුලි මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලූත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන ලෙස ද, පළාත් ප්‍රධාන ලේකම්වරයා දැනුම්දී ඇති බවයි.

Related posts

පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment