දේශීය

කොළඹ උතුර සිරවී සිටි රැසක් අද ගම්බිම් බලා

(UTV | කොළඹ ) – අද (23) දිනයේද ඇඳිරි නීතිය හමුවේ බස්නාහිර පළාතේ සිරවී සිටින තවත් පිරිසක් ගම්බිම් බලා පිටත්කර යැවීම සිදු කෙරේ.

කොළඹ උතුර කොට්ඨාශයේ සිටින 2000 කට ආසන්න පිරිසක් මෙලෙස ඔවුන් පදිංචි ප්‍රදේශ කරා යැවීම සිදුවන බව පොලිසිය පැවසුවේය

ඔවුන් අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගණයට කැඳවා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නිවෙස් කරා පිටත්කර යැවීමට නියමිතයි.

මේ වනවිට බස්නාහිර පළාතේ සිටි 16000 කට ආසන්න පිරිසක් මෙලෙස පිටත්කර යවා අවසන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අද දවසේ කාළගුණ තත්ත්වය මෙන්න

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

Mohamed Dilsad

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment