(UTV | කොළඹ) – කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Drive’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙහි අරමුණ වන්නේ සිය මෝටර් රථවලින් නගරයට එන කාර්යාලවල රැකියාවන්ට යන පිරිස්වලට ඔවුනගේ මෝටර් රථ තෝරාගත් ස්ථානයක නවතා තබා බස් රථවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසීමයි.
මේ සඳහා ගමනාගමන මණ්ඩලය හරහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන යෝජනා කරන ලෙසද උපදෙස් දෙමින් ජනාධිපතිවරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ බලධාරීන්ව දැනුවත් කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා (21) පියවර ගෙන තිබේ.