දේශීය

හෙට දිවයිනේ සියළුම මත්පැන් හල් වසා දැමේ

(UTV | කොළඹ) – හෙට (24) සහ අනිද්දා (25) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්. 

ඇදිරිනීතිය හේතුවෙන් 2020 මැයි මස 24 වන දින ඉරිදා සහ 25 වන සදුදා දිවයිනේ සියළුම මත්පැන් හල් වසා තැබීම.

1.     සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන 2020 මැයි මස 24 වන ඉරුදින සහ 25 වන සඳුදා දිනයන්හි දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

2.     මෙම නියෝගය සෙසු ප්‍රදේශවල පරිදිම කොළඔ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලටද බලපැවැත්වෙන බව සැලකිය යුතුවේ.

3.     දැනට පවතින තත්ත්වය අනුව 2020 මැයි මස 26 වන අඟහරුවාදා දින විවෘත කිරිමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරිමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණි. ඒ අනුව කොළඔ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල වයින් ස්ටොස් බලපත්‍ර (ර.බී.04) හා බියර් හා වයින් බලපත්‍ර (ර.බී.22 ඒ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සදහා සිල්ලරට මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍ර විවෘත කිරිමට අවසර ලැබේ. කොළඔ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයන් ඇතුලත පිහිටි සුපිරි වෙළද සංකිර්ණ ජාලයන්ට අදාල වයින් ස්ටොස් බලපත්‍ර (ර.බී.4) සහ බියර් හා වයින් බලපත්‍ර (ර.බී.22 ඒ) යන මත්පැන් පිටතට ගෙන ගොස් පරිභෝජනය සදහා මත්පැන් සිල්ලරට විකිණිමේ බලපත්‍ර ලත් ස්ථාන වලටද විවෘත කිරිමේ අවකාශය ලැබේ.  

 4.     දිවයිනේ සියළුම ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවිසැල් සදහා පමණක් මත්පැන් තොග සැපයීමේ ර.බී.03 හා අ.නි.06 වර්ග වලට අයත් තොග බලපත්‍ර ලත් ස්ථාන විවෘත කිරිමටද අවසර දෙනු ලැබේ.

 5.     ඉහත කි තොග සහ සිල්ලරට මත්පැන් අලෙවි කිරිමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසි වලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් හා විධිවිධාන යටතේ පමණක් බව සැලකිය යුතුය.

Related posts

අපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයන්ගේ අභිමතය අනුවයි – නාමල් රාජපක්ෂ

Editor O

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment