දේශීය

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

(UTV | කෝවිඩ්-19) – අද (26) දින , පැවති ඇඳිරි නීතිය හමුවේ ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටි තවත් 3000 ක් පමණ පිටත්කර යැවීම සිදුවේ.

ඒ අනුව පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් 2000 කට ආසන්න පිරිසක් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව පිටත්කර යැවීමට නියමිතයි.

එමෙන්ම ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටින 1000 කට ආසන්න පිරිසක් විශේෂ දුම්රියක් මගින් අද දිනයේදී බෙලිඅත්ත දක්වා පිටත්කර යැවීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා 52000 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටි අතර මේ වනවිට ඉන් 20000 ක් පමණ යවා අවසන් බවයි පොලිසිය කියාසිටියේය.

Related posts

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

දිවයිනට අද සිට බූස්ටර් සතියක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment