දේශීය

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය දින 66 කට පසුව අද පෙරවරු 5 ට ඉවත්කරනු ලැබීය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මේ දිස්ත්‍රික්කවල ජනතාව වෙනත් ප්‍රදේශවලට වඩා වැඩි වශයෙන් එදිනෙදා කටයුතු සඳහා නගර වෙත පැමිණ තිබුණි.

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

එය හෙට (27) පෙරවරු 4 ට යළි ලිහිල් කරන අතර, නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට පෙරවරු 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

Related posts

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

Mohamed Dilsad

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

Mohamed Dilsad

Leave a Comment