දේශීය

මෘත ශරීර ආදාහනය කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූලි 22

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට ගත් තීරණය ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදාල පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, ඇස්.තුරෙයිරාජා සහයසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍යවරන් හා හිටපු  මන්ත්‍රීවරුන් වන රිෂාඩ්  බදුද්දීන් ,අමීර් අලි,ඒ.එම්. මහරූප්, හුසේන් බහිලා යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ නීතිපති  නම් කරනු ලැබ ඇත.

 

Related posts

මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක ගෑස් සිලින්ඩරය, වන්නියට සහ නුවරඑළියට අලියා එයි

Editor O

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

වී ගොවීන්ට අද සිට නොමිලේ ඩීසල්

Mohamed Dilsad

Leave a Comment