දේශීය

ප්‍රකාශයක් ලබාගැනීමට CCD ය රාජිත රඳවා සිටින කඳවුරට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද (28) ඔහු රඳවා සිටින විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් තිබේ.

ඒ, පසුගිය මාර්තු 17 වනදා කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්.

හිටපු මන්ත්‍රීවරයා රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි 25 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට  සඳහන් කල අතර එය අසත්‍යයක් බව පසුව පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආාරච්චි කියා සිටියාය.

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ඩිස්කෝ STF අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ආරක්ෂිත හිස් වැසුම් දාන්නැයි පාපැදිකරුවන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment