දේශීය

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

(UTV | කොළඹ) – ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ වසරේ 20 දෙනකුත් පසුගිය වසරේ 150 දෙනකුත් මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරනවා සේම ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අප සතු බවත්, ඒ සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවත් අමාත්‍යවරිය සදහන් කළාය.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා සහාය  දැක්වූවා සේ ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සදහා සියලූම පළාත් පාලන ආයතන නියෝජිතයින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුවන්ගෙන් ද තවදුරටත් සහය ලබා දෙන ලෙසට ඉල්ලා සිටියි.
 

Related posts

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

Mohamed Dilsad

බෝරා නායක ඇතුලු පිරිසකට මෙරටට පැමිණීමට අවසර

Mohamed Dilsad

Leave a Comment