දේශීය

සහල්, එලවළු හා පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීමට පියවර

(UTV| කොළඹ) –  දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එලවලු හා පළතුරු ඇතුලු භෝගවර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබාදී ඇත.

දැනට එලවලු හා පලතුරු ප්‍රවාහනයේ දී විශාල නාස්තියක් සිදුවන අතරම, විශාල පිරිවැයක් ද දැරීමට ව්‍යාපාරිකයින්ට සිදුව තිබේ.

එම තත්ත්වය පාලනය කර ගනිමින් දුම්රිය මගින් එක්වර විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහණය කිරීමට හැකිවීම මෙන්ම පසු අස්වනු නාස්තිය ද අවම කර ගැනීමට හැකිවන බව පෙනී ගොස් ඇත.

ඒ අනුව යාපනය, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, පුත්තලම, නුවරඑළිය, බෙලිඅත්ත වැනි ප්‍රදේශවල සිට එම නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහණය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්වර බහලුම් 20ක් Containers දුම්රිය මගින් ප්‍රවාහනය කළ හැකි පරිදි දුම්රිය තට්ටු ඇනියක් ද සකස් කර ඇති අතර කොළඹ සිට සෙසු ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයේ දී මෙම බහළුම් ප්‍රවාහණය සඳහා දුම්රිය යොදා ගැනීමට ද අපේක්ෂිතය.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අදාල ව්‍යාපාරික ප්‍රජාව සමග ලබන සතියේ සාකච්ඡා කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

 

 

 

 

Related posts

වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

මහනුවර – මහියංගනය මාර්ගය භාවිත කරන්නන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment