දේශීය

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද සිට PCR පරීක්ෂාවට

(UTV | කොළඹ) – දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද (01) සිට පි.සී.ආර් පරීක්ෂාව ලක්කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු කියා සිටියේ එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලූ දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ඇමතිවරයා මෙහි දී සඳහන් කළේය.

ලබන අගෝස්තු මස මුල සිට සංචාරකයින් සඳහා කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී පි.සී.ආර් පරීක්ෂාවට ලක්කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

හුදෙකලා කර තිබූ ගම්මාන කීපයක් යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

Editor O

වාහනයට මත්ද්‍රව්‍යයක් දැමූවේ යැයි කියූ කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment