දේශීයව්‍යාපාරික

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා වැට් බද්දෙන් නිදහස් [RELEASE]

(UTV | කොළඹ) – සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින් මෙරටට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා රජය මෙම පියවර ගත් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

Mohamed Dilsad

“ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට රනිල් ඉදිරිපත් කළ සංශෝධන පිළිගත නොහැකියි” – කතානායක

Mohamed Dilsad

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment