දේශීය

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අද දින (02) තීරණය කර ඇත.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටයි.

Related posts

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

“සැලුසුම් කල පරිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් LNG සපයනවා” – NewFortress Energy

Mohamed Dilsad

Leave a Comment